Monday, September 19, 2011

මාසෙකින් ලක්ෂයක් උපයන්න ඇත්තද? බොරුද?

Posted by Lanka Forex News | Monday, September 19, 2011 | Category: |


මට මේ ලිපිය ලියන්න හිතුනේ තොරතෝංචියක්  නැතිව එන email වලට පිළිතුරු විදියට.ඔක්කොම කට්ටිය අහල තිබුනේ මේ පත්තර වල තියෙන Easy Money ගැන . අපි අද පත්තර දැක්කහම මේ වගේ දේවල්  නම් කොඉ තරම් දැකල තියෙනවද ඉතින් .. බැලුවහම හරි ලේසිය් නේ සල්ලි හොයන්න අපරාදේ කියල හිතෙනවා අපි මෙච්චර දුක් විඳගෙන degree එක ගන්න කට්ට කන්නේ.මෙයා ලගේ ලගට ගිහිල්ල රුපියල් 5000 - 10000  අතර ගානක් වියදම් කරලා ඉන්ටෙර්නෙට් connection එකකුත් අරගෙන ගෙදරට වෙලා ජොලියේ ඉන්න පුළුවන් නේ.projects දෙන්න කියල dead lines එහෙමත් නෑ කිසි අව්ලකුත් නෑ නේ.මුලින්ම කියන්න තියෙන්නේ බුද්ධිමත් මිනිස්සු විදියට මේවට අහුවෙන්න එපා කියන එකයි.ඉතින් මේ අය‍ට පුළුවන් නම් මාසෙකින් ලක්ෂයක් හොයල දෙන්න මේ පත්තරේ ඇඩ් දන්නා ඕනි නැහැනේ එයාලට පුළුවන් නේ මුළු කාලෙම එකට යොදවල සල්ලි හම්බ කරන්න.

මෙයාල දවසෙන් ඔක්කොම ටික කියල  දෙනවා කියන්නේ.හරි ෂෝක් නේ.එකියන්නේ මෙයාල ෆොරෙක්ස් කිරි පොවනවා ඇති.මගේ දැනුමේ හරියට නම් එච්චර ඉක්මනින් ඕව කරන්න බෑ.මට ෆොරෙක්ස් හරියට පුළුවන් වෙන්න මාස 7 ක් 8 ක් විතර ගියා.මගේ යාලුවෙක් ගිහිල්ල තියෙනවා නේ 5000 ක් දීල ලක්ෂයක් හොයාගන්න කියල කොහාටද .ඉතින් මම ඇහුව මිනිහගෙන් තොරතුරු ටිකක්.ෂා හරි ෂෝක් එකට කිව්වේ ෆොරෙක්ස් ගැන.මුලින්ම Etoro (මෙය ෆොරෙක්ස් broker කෙනෙක් ) එකේ Account එකක් හදාගන්න හැටි කියල දීල  තියෙනවා.ඊට  පස්සේ moneybookers  account  එකක් හදන හැටි කියල දීල තියෙනවා.. ආ ඊට පස්සේ වැඩේ පොඩ්ඩක් අවුල් මොකද මේක verify කරන්න විදියක් නැ නේ.එකට පිලියමක් විදියට සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් එක කරන විදියත්  කියල දීල  තියෙනවා.හැබැයි  verify කරලා නැ.තව ෆොරෙක්ස් ටිකකුත් කියල දීල ඊට පස්සේ Lunch එකකුත් දීල තව ඔය තියෙන්නේ BUX ,PTC sites ටිකකුත් කියල දීල හරියටම 5 ට ඉවරයිලු  නේ  :)   .. 

අය්යෝ මෙටිකට 5000 ක් ගෙවන්නේ මේ සයිට් එකේ පළමුවෙනි පොස්ට් එකේ ඉඳල හෙමින් කියෙව්වා නම් සේරම තියෙනවා නේ.හැබැයි එක දවසෙන් නම් බෑ.


ඉතින් මෙහෙම එක දවසෙන් DEMO account එකෙක මුන්ට හෙන සිහින ලෝකයක් මැව්වහම  කට්ටිය ගෙදර ඇවිල්ල REAL account එකක කරගන්න ගිහිල්ල අනාගන්නව..පව්.